Thursday, December 12, 2013

ජීෆ්ලෙක්ස් (G- Flex) ලොව පළමු නැමෙනසුළු ස්මාට්ෆෝනය මෙයයි

ජංගම දුරකතනයකින් කතා කිරීමේදී බොහෝ විට දුරකථනය විටින් විට කන ලඟටත් කට ලඟටත් ගෙනයාම නිතැතින් සිදුවේ. මෙසේ සිදු වන්නේ අපි කතාකරන දෙය අනෙක් පසින් සම්බන්දවී සිටින පුද්ගලයාට හරි හැටි නොඅසීමයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අප භාවිතා කරන ජංගම දුරකථනය තනි කෙලින් අතට තනා තිබීමයි.
මේ සඳහා කදිම විසඳුමක් ලෙස කොරියාවේ ‘LG Electronics’ සමාගම විසින් වක්‍ර හැඩති ස්මාර්ට් ෆෝනයක් නිපදවා තිබේ. මෙහි ඉයර්ෆෝනය කනට තැබූ විට වක්‍ර බව නිසා කලින්ට වඩා මයික්‍රෝෆෝනය කට ලඟට ලංවේ. මේ නිසා අන් කවර දුරකථනයකටත් වඩා ඩෙසිබල් 3 කින් (3dB) වැඩි හඬක් අනෙක් පස සිටින්නාට ඇසේ. දැනට කොරියාවේ විකිණීමට ඇති මෙම ලොව පළමු නැවෙන සුළු ස්මාර්ට් ෆෝනය නමින් ‘G- Flex’ වේ.

එමෙන්ම මෙහි ඇති තවත් විශේෂාංගයක් වන්නේ වැරදීමකින් හෝ මෙය උඩ ඉඳ ගත්තද, පෑගුනද  මෙහි නම්‍යශීලී බව නිසා කිසිදු හානියක් සිදු නොවීමයි. එමෙන්ම මෙහි පිටුපස ආවරණය (back cover) සීරුම් මැකී යන විශේෂිත ප්ලාස්ටික් වර්ගයකින් (self-healing) තනා තිබේ. එමෙන්ම මෙහි තිරය (display) එක තනා ඇත්තේ නම්‍යශීලී ප්ලාස්ටික් වර්ගයක් යොදා ගෙනය. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ වක්‍රව ඇති විටත් කෙලින් ඇති විටත් කිසිදු හානියක් තිරය මත දර්ශනය වන දෙයට සිදු නොවීමයි. මේ සඳහා එක් පික්සලයක් තුළ රතු (R), කොළ (G), නිල් (B) යන පික්සෙල් තුනම රඳවා තිබේ.
 

No comments:

Post a Comment