යම් අවස්ථාවකදී ගන්නා ඡායාරූප සියල්ලම එම අවස්ථාව ගැන විස්තරයක්ද සහිතව
වෙබ් අඩවියක් සේ රැස් කොට දෙන වෙබ් සේවයකි. මෙම සේවයෙන් තනා දෙන පිටු ෂෙයාර්
කරන්නටද පුළුවන.
Thursday, December 12, 2013
බැනර් දැන්වීම් පහසුවෙන් තනා දෙන ‘ඇඩ්‍රොයිඩ්’
තමන්ගේ වෙබ් අඩවියක පෙන්වන බැනර් දැන්වීම් හෝ මුදල් ගෙවා වෙනත් වෙබ් අඩවියක
ප්‍රසිද්ද කරන්නට යන බැනර් හා දැන්වීම් පහසුවෙන් තනා ගත හැකි සේ ටූල්ස් ඉදිරිපත්
කරන වෙබ් සේවයකි.
මනරම් බුක්මාක් පේජස් තනා දෙන ‘බනඩ්ල්’
විවිද වෙබ් සේවා මතක තබා ගන්නත්, ඒවා වෙත ඉක්මනින් පිවිසීමටත් යොදා ගන්නා
බුක්මාක්ස්, විවිද මාතෘකා ඔස්සේ රැස් කොට දෙන වෙබ් සේවයකි. මෙම සේවයෙන් දෙන
බුක්මාක් පිටුවකට ටෙක්ස්ට්, ඉමේජස් යනාදිය එක් කරන්නට පුළුවන් නිසා එය හරියට අපගේ
බුක්මාක් සියල්ල ඇති වෙබ් පිටුවක් වැනිය.
විශාල ෆයිල් ඉ-මේල් කිරීමට උදව් කරන ‘ෆයිල් මේල්’
සාමාන්‍ය ඉ-මේල් ගිණුමක් හරහා හුවමාරු කළ නොහැකි ඉතා විශාල ෆයිල් හුවමාරු
කිරීමට ෆයිල් මේල් වෙබ් අඩවිය ඉඩ සලසාදෙයි.
තමන්ගේම සෝෂල් නෙට්වර්ක් එකක් සාදා ගැනීමට ඉඩ දෙන ‘නින්ග්’
තමන් කැමති මාතෘකාවක් තෝරා ගෙන, ඊට කැමති වෙනත් අය සමග සම්බන්ධවී අදහස්
හුවමාරු කර ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට නින්ග් ඉඩ සලසා දේ.
කැමැති විදියට වෙබ් අඩවියක් තනා දියත් කල හැකි ‘වෙබ්සයිට් ඩොට් කොම්’
මෙම
වෙබ්අඩවියෙන් දෙන ටෙම්ප්ලේට් කැමති විදියට වෙනස් කර තමන්ගේම වෙබ් අඩවියක් තනා
ගන්නට පුළුවන. එම වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කරන්නත් මෙම වෙබ් සේවයෙන්ම ඉඩ සලසා
දේ.
IDM Optimizer භාවිතකොට IDM (Internet Download Manger) හි වේගය වැඩිකරගමු.
සාමාන්‍යය download speed එකට වඩා වැඩි speed එකකින් IDM හරහා download කර
ගත හැකිය. නමුත් IDM භාවිතයේදී සැලකියයුතු වේගයක් නොලැබෙන පිරිසක් ද සිටී. ඔවුන්
සඳහා IDM Optimizer ඉතා හොඳ විසඳුමකි.
මෙම වැඩසටහන ඔබට අවශ්‍යනම් proxy
connections භාවිතා
කිරීමට මෙන්ම ඔබේ download ක්‍රියාවලිය වඩාත් ආරක්ෂිතව සිදුකිරීමට, SOCKS4/
SOCKS5 protocol භාවිතය
සඳහාත් සහය දක්වයි.Click hear to Donload
1 GB File එකක් 10 MB File එකක් බවට compress කළ හැකි ‘KGB Archiver’
මෙය
ඇත්තටම පොඩි software එකක් උවත් ඉතා විශාල ධාරිතවයන්ගෙන් යුත් file කුඩා
ධාරිතාවයකින් යුත් file එකක් බවට පහසුවෙන් compress කර ගත හැක. එලෙසම මෙමගින්
compress කරන file එකක් extract කර ගත හැකි වන්නේ මෙම software එක හරහාම පමණි
Click hear to Download
Click hear to Download
කාලයත් සමග මන්දගාමී වූ පරිගණකය වේගවත් කර ගැනීමට ‘Glary Utilities’
පරිගණකයෙන් වැඩ කරන විට එහි ක්‍රියාකාරීත්වයට සම්බන්ධ නොයෙක් තොරතුරු
පරිගණක මතකයේ රැඳේ. එසේම නොයෙක් වැඩසටහන් මෙහෙයුම් පද්ධතිය සමග පෑහී වැඩ කරන්නට
විවිධ උපක්‍රම යොදා ගන්නාවිට ඊට අදාළව ගොඩ නැංවෙන තාවකාලික මතකයට අයත් තොරතුරුද
පරිගණක පද්ධතියෙන් ඉවත් නොවී තිබේ. එසේම අන්තර්ජාලයට සම්බන්ධව වැඩ කරන විට නොයෙක්
වෙබ් අඩවි වලින් පතුරුවා හරින මැල්වෙයා වැඩසටහන් ද පරිගණකයේ රැස් වේ. මෙ සියල්ල
නිසා කාලයක් ගත වෙන විට පරිගණකය අලුතෙන් ගන්නා විට තිබුනාට වඩා බොහෝ සෙයින්
මන්දගාමී වේ. නොයෙක් ‘software’ වලින් වැඩ කරන්නට යාමේදී තිබිය යුතු සුමට බව ඒවායේ
නැති බවක් දැනේ.
එහෙත් එසේ නොවී දිගටම පරිගණකය හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නට නම් එය
නිවැරදිව නඩත්තු කළ යුතුය. මේ වෙනුවෙන් යොදා ගතහැකි ‘Softwares’ තිබේ. මෙවැනි හොඳ වැඩ
සටහනක් වශයෙන් ‘Glary Utilities’ යොදාගත හැක.
ජීෆ්ලෙක්ස් (G- Flex) ලොව පළමු නැමෙනසුළු ස්මාට්ෆෝනය මෙයයි
ජංගම දුරකතනයකින්
කතා කිරීමේදී බොහෝ විට දුරකථනය විටින් විට කන ලඟටත් කට ලඟටත් ගෙනයාම නිතැතින්
සිදුවේ. මෙසේ සිදු වන්නේ අපි කතාකරන දෙය අනෙක් පසින් සම්බන්දවී සිටින පුද්ගලයාට
හරි හැටි නොඅසීමයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අප භාවිතා කරන ජංගම දුරකථනය තනි
කෙලින් අතට තනා තිබීමයි.
මේ සඳහා කදිම
විසඳුමක් ලෙස කොරියාවේ ‘LG Electronics’ සමාගම විසින් වක්‍ර හැඩති ස්මාර්ට් ෆෝනයක් නිපදවා තිබේ. මෙහි ඉයර්ෆෝනය කනට
තැබූ විට වක්‍ර බව නිසා කලින්ට වඩා මයික්‍රෝෆෝනය කට ලඟට ලංවේ. මේ නිසා අන් කවර
දුරකථනයකටත් වඩා ඩෙසිබල් 3 කින් (3dB) වැඩි හඬක් අනෙක් පස සිටින්නාට ඇසේ. දැනට කොරියාවේ විකිණීමට ඇති මෙම ලොව
පළමු නැවෙන සුළු ස්මාර්ට් ෆෝනය නමින් ‘G- Flex’ වේ.
එමෙන්ම මෙහි ඇති
තවත් විශේෂාංගයක් වන්නේ වැරදීමකින් හෝ මෙය උඩ ඉඳ ගත්තද, පෑගුනද මෙහි නම්‍යශීලී බව නිසා කිසිදු හානියක් සිදු
නොවීමයි. එමෙන්ම මෙහි පිටුපස ආවරණය (back cover) සීරුම් මැකී යන විශේෂිත ප්ලාස්ටික් වර්ගයකින් (self-healing) තනා තිබේ. එමෙන්ම මෙහි තිරය (display)
එක තනා ඇත්තේ නම්‍යශීලී
ප්ලාස්ටික් වර්ගයක් යොදා ගෙනය. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ වක්‍රව ඇති විටත්
කෙලින් ඇති විටත් කිසිදු හානියක් තිරය මත දර්ශනය වන දෙයට සිදු නොවීමයි. මේ සඳහා
එක් පික්සලයක් තුළ රතු (R), කොළ (G), නිල් (B) යන පික්සෙල් තුනම රඳවා තිබේ.
Subscribe to:
Posts (Atom)