Thursday, December 12, 2013

තමාගේ ෆොටෝ රැස් කොට වෙබ් අඩවියක් තනා දෙන ‘ස්මග්මග්’

යම් අවස්ථාවකදී ගන්නා ඡායාරූප සියල්ලම එම අවස්ථාව ගැන විස්තරයක්ද සහිතව වෙබ් අඩවියක් සේ රැස් කොට දෙන වෙබ් සේවයකි. මෙම සේවයෙන් තනා දෙන පිටු ෂෙයාර් කරන්නටද පුළුවන.


https://www.smugmug.com



බැනර් දැන්වීම් පහසුවෙන් තනා දෙන ‘ඇඩ්රොයිඩ්’

තමන්ගේ වෙබ් අඩවියක පෙන්වන බැනර් දැන්වීම් හෝ මුදල් ගෙවා වෙනත් වෙබ් අඩවියක ප්‍රසිද්ද කරන්නට යන බැනර් හා දැන්වීම් පහසුවෙන් තනා ගත හැකි සේ ටූල්ස් ඉදිරිපත් කරන වෙබ් සේවයකි.






මනරම් බුක්මාක් පේජස් තනා දෙන ‘බනඩ්ල්’

විවිද වෙබ් සේවා මතක තබා ගන්නත්, ඒවා වෙත ඉක්මනින් පිවිසීමටත් යොදා ගන්නා බුක්මාක්ස්, විවිද මාතෘකා ඔස්සේ රැස් කොට දෙන වෙබ් සේවයකි. මෙම සේවයෙන් දෙන බුක්මාක් පිටුවකට ටෙක්ස්ට්, ඉමේජස් යනාදිය එක් කරන්නට පුළුවන් නිසා එය හරියට අපගේ බුක්මාක් සියල්ල ඇති වෙබ් පිටුවක් වැනිය.

https://www.bundlr.com



විශාල ෆයිල් ඉ-මේල් කිරීමට උදව් කරන ‘ෆයිල් මේල්’

සාමාන්‍ය ඉ-මේල් ගිණුමක් හරහා හුවමාරු කළ නොහැකි ඉතා විශාල ෆයිල් හුවමාරු කිරීමට ෆයිල් මේල් වෙබ් අඩවිය ඉඩ සලසාදෙයි.




තමන්ගේම සෝෂල් නෙට්වර්ක් එකක් සාදා ගැනීමට ඉඩ දෙන ‘නින්ග්’

තමන් කැමති මාතෘකාවක් තෝරා ගෙන, ඊට කැමති වෙනත් අය සමග සම්බන්ධවී අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට නින්ග් ඉඩ සලසා දේ.






කැමැති විදියට වෙබ් අඩවියක් තනා දියත් කල හැකි ‘වෙබ්සයිට් ඩොට් කොම්’

මෙම වෙබ්අඩවියෙන් දෙන ටෙම්ප්ලේට් කැමති විදියට වෙනස් කර තමන්ගේම වෙබ් අඩවියක් තනා ගන්නට පුළුවන. එම වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කරන්නත් මෙම වෙබ් සේවයෙන්ම ඉඩ සලසා දේ.



IDM Optimizer භාවිතකොට IDM (Internet Download Manger) හි වේගය වැඩිකරගමු.

සාමාන්‍යය download speed එකට වඩා වැඩි speed එකකින් IDM හරහා download කර ගත හැකිය. නමුත් IDM භාවිතයේදී සැලකියයුතු වේගයක් නොලැබෙන පිරිසක් ද සිටී. ඔවුන් සඳහා IDM Optimizer ඉතා හොඳ විසඳුමකි.
මෙම වැඩසටහන ඔබට අවශ්‍යනම් proxy connections භාවිතා කිරීමට මෙන්ම ඔබේ download ක්‍රියාවලිය වඩාත් ආරක්ෂිතව සිදුකිරීමට, SOCKS4/ SOCKS5 protocol භාවිතය සඳහාත් සහය දක්වයි.


Click hear to Donload